නව ගිනි රෙගුලාසි යටතේ මහල් නිවාසවල බැල්කනිවල දුම්පානය තහනම් කරන බව රුසියාවේ හදිසි ආපදා අමාත්‍යංශය නිවේදනය කර තිබේ.
නව නීතිරීති යටතේ, මහල් නිවාස බැල්කනිවල මෙන්ම නේවාසිකාගාර සහ හෝටල්වල ජීවත්වන ප්‍රදේශවල "විවෘත ගිනි ඇවිලවීම්" තහනම් කර ඇත.
එහිදී, ගිනි කූරු දැල්වීම සහ දුම්පානය යන දෙකම විවෘත ගින්නක් ලෙස වර්ග කර ඇති බව නිලධාරීහු පවසති.
මීට අමතරව, බාබකියු කෙබාබ් සහ ඉටිපන්දම් දැල්වීමද තහනම් කරන බව එරට වාර්තා පෙන්වා දෙයි.
ඒ අනුව, නව ගිනි ආරක්ෂණ නීති කඩ කරන්නන් රූබල් 3,000ක් (ඇ.ඩො. 47ක්) දක්වා දඩයක් නියම කළ හැකි අතර, ගින්නක් ඇතිවීමට හේතුවන දැල්වූ සිගරැට්ටුවක් තැබීමෙන් අපරාධ චෝදනා ලැබිය හැකි බවද කියයි.