රුසියාවේ මොස්කව් නුවර ෂෙරෙමෙටියේව් ගුවන් තොටුපොළ වෙත හදිසි ගොඩබෑමක් සිදුකළ යානයක් ගිනිගෙන එහි ගමන්ගත් පුද්ගලයන් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම යානය ගුවන්ගත කර මොහොතකින් මෙම ගින්න හටගෙන ඇති අතර, පසුව යානය හදිසියේ යළි ගොඩබෑමක් සිදුකළද යානය ගිනිගෙන තිබේ.
එහිදී, යානය ගොඩබෑම සිදුකළ සැණින් හදිසි දොරටු විවර කර යානයේ පිරිස් ඉවතට ගැනීමට අවස්ථාව සලසා තිබුණත්, ඒ වනවිටත් යානය ගිනිගනිමින් පැවති බව කියයි.
යානයේ එම අවස්තාවේදී මගීන් 73 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 5 දෙනෙකු සිට ඇති අතර, ඉතිරි පිරිස දිවි ගලවාගෙන තිබේ. මියගිය අය අතර කුඩා දරුවන් දෙදෙනෙකුද වන බව කියයි.
දිවි ගලවාගත් පුද්ගලයන් පවසා සිටියේ යානයට අකුණක් වැදුණු බවයි. නමුත්, යානයේ කාර්මික දෝෂයක් හේතුවෙන් යානය යළි හැරවූ බව බලධාරීන් පවසයි.