බටහිර රටවල් විසින් සපයනු ලබන ආයුධ රුසියානු භූමිය තුළ භාවිත නොකරන බවට යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි එකඟ වී ඇති බව ජර්මනියේ චාන්සලර් සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.
"මෙම කාරණය සම්බන්ධයෙන් සම්මුතියක් තියෙනවා" චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් පැවසීය. එවැනි සම්මුතිය පදනම් කරගත් ප්‍රවේශයක් "ගැටුම් උග්‍රවීමක් වළක්වන" බව ඔහු පැවසීය.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් සමග සිදුකළ දුරකථන සාකච්ඡාවලදී "තමාට හෝ ජර්මනියට" තර්ජනය නොකළ බව සඳහන් කළ ෂෝල්ස්, ජර්මනිය සන්සුන්ව සිටින බවත් අනාගතයේ දී සියලු තීරණ ගැන කිරා මැන බලමින් සිටින බවත් පැවසීය.
රුසියාවට එරෙහි නව යුද්ධයකට යුරෝපීය රටවල් ඇද ගැනීමට උත්සාහ කරන අයට, රුසියාව සමග නවීන යුද්ධයක් තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වනු ඇති බව පැහැදිලිවම නොතේරෙන බව පූටින් පැවසීය.
රුසියාවට එරෙහිව යුක්රේනය එල්ල කරන ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීම සඳහා මොස්කව් සියලු වර්ගවල ආයුධ භාවිතා කිරීමට සූදානම් බව රුසියානු ආරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති දිමිත්‍රි මෙද්වදෙව්ද පසුගියදා ප්‍රකාශ කළේය.
ලෝකයේ වැඩිම න්‍යෂ්ටික යුද ශක්තියකින් හෙබි රාජ්‍ය රුසියාව වෙයි.