රුසියානු ප්‍රහාරයන්ට එරෙහි සූදානම යළිත් ඉහළ දමයි


රුසියාවෙන් එල්ල වන ප්‍රහාරවලට මුහුණදීම සඳහා යුක්රේන හිතවාදී පාර්ශ්වක ආයුධ, ඉන්ධන, අමතර කොටස් ආදී අමුද්‍රව්‍ය ඒකරාශී කිරීම වේගවත් කර ඇති බව නේටෝ ප්‍රධානියා පවසයි.

එමෙන්ම, යුක්රේනය වෙත යුද ආධාර සපයන ලෙස එරට බටහිර හිතවාදීන්ගෙන් ඉල්ලීමක් කිරීමටද නේටෝ මහ ලේකම් ජීන්ස් ස්ටෝල්ටන්බර්ග් අමතක නොකළේය.

විශේෂයෙන්ම වසන්ත සමයේ රුසියාවෙන් එල්ල වනු ඇතැයි කියන බලපෑම දැනටමත් ආරම්භ වී ඇති බවටද ඔහු අනතුරු ඇඟවීය.



Recommended Articles