රුසියාවේ, සයිබීරියානු පළාතේ ගල් අඟුරු ආකරයක ගෑස් කාන්දුවක් සහ පිපිරීමක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 52දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
අනතුරට පත් පතල් කම්කරුවන් මුදා ගැනීම සඳහා යවන ලද පිරිසේ 06 දෙනෙකුද මියගිය අය අතර සිටින බව සඳහන් වෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන පොලීසිය කාර්මික ආරක්ෂණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සැකපිට පතලේ අධ්යක්ෂ සහ ඔහුගේ නියෝජ්‍ය නිලධාරියා ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට තිබේ.
පිපිරීමෙන් පසුව පතල් වළක් ගෑස්වලින් පිරී යාම නිසා විපතට පත්වූ ඇතැම් පිරිස් හුස්ම හිරවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවද සඳහන් වෙයි.
රුසියානු මාධ්‍ය ප්‍රකාශ කළේ භූගත මීතේන් පිපිරීමක් සිදු වූ බවට විමර්ශකයන් විසින් මේ වනවිට විශ්වාස කරන බවයි.