දකුණු කොරියානු ගුවන් සීමාවට ඇතුළු වූ රුසියානු නිරීක්ෂණ යානයකට අනතුරු ඇඟවීමේ වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බව දකුණු කොරියාව පවසයි.
එරට බලධාරීන් පවසා සිටියේ විවාදයට තුඩුදී ඇති ඩොක්ඩෝ/ටෙක්ෂිමා දූපත්වලට ඉහළින් මෙම යානය දෙවරක් ගුවන් සීමා උල්ලංඝනය කරමින් ගමන් කළ බවයි.
මෙම දූපත් දකුණු කොරියාව යටතේ පැවතියත්, ඒවායෙහි අයිතිය තමන් සතු බව ජපානයද කියා සිටියි.
දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසා සිටියේ මෙම යානයට දකුණු කොරියානු ප්‍රහාරක යානා යොදා ගනිමින් බාධා කර ඊට අනතුරු ඇඟවීමේ වෙඩි තැබීමක්ද සිදුකළ බවයි.
කෙසේ වෙතත්, තමන් කිසිදු ලෙසකින් ගුවන් සීමා උල්ලංඝනයක් නොකළ බව රුසියාව කියා සිටියි.