රුසියානු නගරයක් විදෙස් භාෂා සලකුණු තහනම් කරයි


රුසියාවේ දකුණුදිග ක්‍රැස්නොඩාර් නගරය අක්ෂර පරිවර්තනය ඇතුළු විදේශීය භාෂා භාවිත කරන සියලුම සලකුණු සහ දැන්වීම් පුවරු තහනම් කිරීමට තීරණය කර ඇති බව පළාත් පාලන ආයතනය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

ඒ අනුව, මෙම වෙනස්කම් සැප්තැම්බර් 01දා සිට බලාත්මක වන බව නගර සභාව පවසයි.

ප්‍රාදේශීය නීති සම්පාදකයින් වාණිජ සලකුණු මත මෙන්ම වෙළෙඳ කුටි සහ පොදු රථවාහන නැවතුම් පොළවල විදේශීය භාෂාවන්ගෙන් වූ දැන්වීම් තහනම් කිරීමට සහාය දුන් බව නගරාධිපතිවරයා සඳහන් කළේය.

"ඒකාබද්ධ වාස්තු විද්‍යාත්මක දර්ශනයක්" නිර්මාණය කිරීමට උපකාරී වන නගරයේ සංවර්ධනයේ "සන්ධිස්ථානයක්" ලෙස ඔහු නව නීති සම්පාදනය හැඳින්වීය.

තහනම ඇතුළත් සංශෝධිත නාගරික අලංකරණ රීති දේශීය ජනගහනයේ කැමැත්ත පිළිබිඹු කරන බව නගර ගෘහ නිර්මාණ ශිල්පය සහ ඉදිකිරීම් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා පැහැදිලි කළේය. අප්‍රේල් මැදදී සිදු වූ සති දෙකක මහජන අදහස් දැක්වීමෙන් පසුව වෙනස්කම් හඳුන්වා දෙන ලදී.



Recommended Articles