රුසියානු ධජය සහිත නැවක් තුර්කියේදී රඳවා ගැනීමක්


යුක්රේනයේ ධාන්‍ය නීතිවිරෝධීව ප්‍රවාහනයට සම්බන්ධ බවට කියෙව් බලධාරීන් ප්‍රකාශ කිරීමෙන් පසුව තුර්කිය විසින් රුසියානු ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞඛාවක් රඳවා තබාගෙන තිබේ.

"අපට පූර්ණ සහයෝගය තියෙනවා. නැව දැනට වරායට ඇතුල් වන ස්ථානයේ පවතින අතර, එය තුර්කියේ රේගු බලධාරීන් විසින් රඳවාගෙන පරීක්ෂණ සිදුකරනවා" තුර්කියේ යුක්රේන තානාපතිවරයා පවසා ඇත.

සොරකම් කරන ලද යුක්රේන කෘෂිකාර්මික නිෂ්පාදන ප්‍රවාහනය කරන බවට තර්ක කරමින් යුක්රේන රාජ්‍ය තාන්ත්‍රිකයන් 'ෂිබෙක් ෂෝලි' නෞකාව රඳවා තබන ලෙස තුර්කි බලධාරීන්ගෙන් ඉල්ලා දින දෙකකට පසුව මෙම පියවර ගෙන ඇත.



Recommended Articles