අධික ලෙස බෝවන ඩෙල්ටා ප්‍රභේදය සමග රුසියාව පුරා ආසාදන සිද්ධීන් ඉහළ යාම මධ්‍යයේ අද (02දා) දිනයේ දෛනිකව වාර්තා වන කොවිඩ්-19 මරණ සංඛ්‍යාව නව වසංගත මට්ටමකට ඉහළ ගොස් තිබේ.
ඒ අනුව ගෙවුණු පැය 24 තුළ පුද්ගලයින් 679 දෙනෙකු වෛරසය ආසාදිතය ජීවිතක්ෂයට පත්ව ඇති බව රජයේ කොරෝනා වෛරස කාර්ය සාධක බලකාය පවසයි. පසුගිය පැය 24 තුළ මොස්කව්හි ආසාදිතයන් 6,893ක්ද ඇතුළුව නව ආසාදිතයන් 23,218ක් වාර්තා විය.
වසංගතය පුරාවටම පැතිරීමේ කේන්ද්‍රස්ථානය වන රුසියානු අගනුවර, ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා රෝහල් නැවත ප්‍රතිස්ථාපනය කිරීමට පෙළැඹී සිටින බව නියෝජ්‍ය නගරාධිපති ඇනස්ටේෂියා රකෝවා පැවසීය.
එන්නත් බහුලව තිබුණත්, එන්නත් ලබාගැනීමට ජනතාව අඩු උනන්දුවක් දැක්වීම රුසියාව මුහුණදී ඇති ප්‍රබල අභියෝගයක් වී තිබේ. මොස්කව් නුවර ජීවත් වන මිලියන 12.5කට වැඩි ජනගහනයෙන් එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇත්තේ මිලියන 2.6ක ජනතාවක් පමණි.