රුසියානු තෙල්වලට විකල්ප තෙල් නෑ - ඔපෙක් පවසයි


රුසියාවට එරෙහි වත්මන් සහ අනාගත සම්බාධක ඉතිහාසයේ දරුණුතම තෙල් සැපයුම් කම්පනවලින් එකක් විය හැකි බව ඔපෙක් මහලේකම් මොහොමඩ් බාර්කින්ඩෝ යුරෝපා සංගම් නිලධාරීන්ට අනතුරු ඇඟවමින්, එවැනි සිදුවීමකදී අහිමි වූ තෙල් ප්‍රමාණය හිලව් කළ නොහැකි බව පවසයි.

සම්බාධක සහ රුසියානු වෙළඳාමට වෙනත් සීමා කිරීම් හේතුවෙන් දිනකට රුසියානු තෙල් බැරල් මිලියන 7ක් පමණ ලෝක වෙළෙඳපොළට අහිමි වන බව බාර්කින්ඩෝ ප්‍රකාශ කළේය.

ඔපෙක් නිලධාරියා යුරෝපා සංගමයට පැවසුවේ වෙළෙඳපොළෙහි වත්මන් අස්ථාවරත්වය ඔපෙක් පාලනයෙන් ඔබ්බට මූලික නොවන සාධක නිසා සිදුව ඇති බැවින්, බලශක්ති සංක්‍රාන්තිය සඳහා යථාර්ථවාදී ප්‍රවේශයක් ප්‍රවර්ධනය කිරීම යුරෝපා සංගමයේ වගකීම බව අවධාරණය කළේය.



Recommended Articles