සම්බාධකවලට ලක් වූ රුසියානු ඛනිජ තෙල් සමාගමක් වන රොස්නෙෆ්ට් හි කොටස් ලබා ගැනීමේ හැකියාව තක්සේරු කරන ලෙස ඉන්දියාව රජය විසින් පවත්වාගෙන යන බලශක්ති සමාගම්වලින් ඉල්ලා ඇති බව වාර්තා වෙයි.
රුසියාව වෙත බටහිර රාජ්‍යයන් විසින් පනවන ලද සම්බාධක හමුවේ එම වාසිය ලබාගැනීම සඳහා ඉන්දියාව මේ ආකාරයෙන් රුසියානු සමාගම්වල කොටස් වට්ටම් මිලක් යටතේ ලබාගැනීමට බලාපොරොත්තු වෙයි.
"අපගේ උත්සාහය වී ඇත්තේ වත්මන් සන්දර්භය තුළ රුසියාව සමග ආර්ථික ගනුදෙනු, ආර්ථික කටයුතු ස්ථාවර කර ගන්නේ කෙසේදැයි සොයා බැලීමයි. ඇත්ත වශයෙන්ම සීමාවන් තිබෙනවා. සමහර රටවල සම්බාධක තිබෙනවා. ඒ හරහා වුවත් අපට යම් ආකාරයක වැඩ කිරීමට සිදුවනු ඇති" ඉන්දීය විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක සඳහන් කර ඇත.