රුසියානු ජනමත විචාරණ ප්‍රතිඵලවලින් පූටින්ට 2036 දක්වාම බලය හිමිවන හැඩ


රුසියාවේ ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් පැවති ජනමත විචාරණයෙන් රුසියානු ජනතාව ජනපති ව්ලැඩිමීර් පූටීන්ට සහාය පළ කරමින් ඡන්දය ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව මැතිවරණයේ ප්‍රතිඵලවලින් පෙන්නුම් කෙරෙන්නේ රුසියානු නායකයාට මෙම දශකයේ මැද භාය වනතෙක් බලයේ රැඳී සිටිමේ ප්‍රයත්නය ජයග්‍රහණය කර ඇති බවය.

ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ රටපුරා ජනමත විචාරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රුසියානුවන් බදාදා ඡන්දය විමසූ අතර, දශක දෙකක කාලයක් පාලනය කර ඇති පූටින්ට 2036 වන තෙක් ජනාධිපති ධුරයේ සිටීමට මෙම ඡන්දය ඉවහල් වන බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

"අපේ රට, අපේ ව්‍යවස්ථාව, අපේ තීරණය" යනු ඡන්දදායකයින්ට ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ පැහැදිලි කරන තොරතුරු ප්‍රකාශනයේ සටන් පාඨයයි. මෙම අත් පත්‍රිකාව මගින් විවාහය "පුරුෂයෙකු හා ස්ත්‍රියකගේ එකමුතුවක්" ලෙස දැඩි ලෙස අර්ථ දක්වා ඇති විධිවිධාන ඇතුළු සංශෝධන රැසක් දක්වා ඇත.



Recommended Articles