රුසියානු චන්ද්‍රිකාවක් අභ්‍යවකාශගත කෙරේ


Luch-5Xචන්ද්‍රිකාව රැගත් රුසියාවට අයත් Proton-M වාහක රොකට්ටුව සාර්ථකව දියත් කිරීම සිදුවූ බව විදෙස් වාර්තා පවසයි.

මොස්කව් වේලාවෙන් ඉරිදා රාත්‍රි 11.13ට බයිකොනර් අභ්‍යවකාශ පාලක මධ්‍යස්ථානයෙන් මෙම ගුවන්ගත කිරීම සිදුව ඇති බව, රුසියාවේ රාජ්‍ය අභ්‍යවකාශ ඒජන්සිය වන රොස්කොස්මොස් නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

රුසියාව වර්ෂ 2016 සිට විවිධ ක්‍රියාකාරී රිලේ චන්ද්‍රිකා පද්ධතියක් දියත් කිරීම ආරම්භ කළ අතර, මේ වනවිට එය සාර්ථක මට්ටමට ළඟාවී තිබේ.



Recommended Articles