රුසියානු ගුවන් යානයක් කඩා වැටී 16ක් ජීවිතක්ෂයට


පැරෂුට් කණ්ඩායමක් රැගත් ගුවන් යානයක් රුසියාවේ ටාටාස්තාන් ප්‍රදේශයෙන් ගුවන් ගත වීමෙන් පසුව කඩා වැටී එහි ගමන්ගත් පුද්ගලයන් 16 දෙනෙකු මියගොස් තවත් 6 දෙනෙකු තුවාල ලබා ඇති බව රුසියාවේ ආපදා අමාත්‍යාංශය පවසයි.

මෙම ගුවන් යානය මැන්සලින්ස්ක් නගරයේ පිහිටි ගුවන් යානා සමාජයකට අයත් වූවක් බව කියයි. පැරෂුට්කරුවන් පුහුණුව සඳහා එම යානය භාවිතා කරන අතර, එවැනි පුහුණු සැසියකදී මෙම අනතුර සිදුව ඇත.

මෑත වසරවලදී රුසියානු ගුවන් ආරක්‍ෂක ප්‍රමිති දැඩි කර ඇති නමුත් විශේෂයෙන් දුර බැහැර ප්‍රදේශවල අනතුරු සිදුවෙමින් පවතින බව රුසියාවෙන් වාර්තා වේ.



Recommended Articles