රුසියානු ගෑස් හිලව් කිරීම කළ නොහැකියි - කටාරය


යුරෝපීය වෙළෙඳපොළ වෙත අවශ්‍ය රුසියාවේ ස්වභාවික ගෑස් වෙනුවට විකල්පයක් හිලව් කිරීම ප්‍රායෝගිකව කළ නොහැකි දෙයක් බව කටාරයේ බලශක්ති අමාත්‍ය සාද් අල්-කාබි පවසයි.

රජයට අයත් කටාර් එනර්ජි සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරියාද ඔහු පවසන්නේ, ලෝක වෙළෙඳපොළට සපයනු ලබන සමස්ත ගෑස් පරිමාවෙන් 30% සිට 40% දක්වා රුසියාවෙන් සැපයෙන බවයි.

යුක්රේනයේ ගැටුම සම්බන්ධයෙන් යුරෝපා සංගමය මොස්කව් වෙත ආර්ථික සම්බාධක පැනවූ අතර, මේ වසරේ රුසියානු ස්වභාවික ගෑස් පරිභෝජනය ක්‍රමයෙන් කප්පාදු කිරීමට පියවර ගන්නා බව නිවේදනය කළේය. කෙසේ වෙතත් යුරෝපා සංගමයේ ගෑස් ආනයනයෙන් 40% කට වඩා පැමිණෙන්නේ රුසියාවෙනි.

එනමුදු කටාරය රුසියානු තෙල් හා ගෑස් අංශයට සම්බාධක පනවන්නේ නැතැයි කී කටාර් අමාත්‍යවරයා, බලශක්තිය දේශපාලනයෙන් ඉවත්ව සිටිය යුතු බව අවධාරණය කළේය. අමාත්‍යවරයා පවසන පරිදි යුක්රේන අර්බුදයේදී කටාර් රාජ්‍යය කිසිදු පැත්තක් නොගනී.



Recommended Articles