රුසියානු කොවිඩ් ආසාදනවල අඛණ්ඩ ඉහළ යාමක් සිදුවෙයි


ගෙවුණු දිනයේ රුසියාව විසින් නව කොරොන වෛරසය ආසාදිතයන් 25,219ක් තහවුරු කර ඇති අතර, එය ජූලි 16දායින් පසු වාර්තා වූ වැඩිම ආසාදන සංඛ්‍යාව වෙයි. ඒ සමග එරට සමස්ත ආසාදන සංඛ්‍යාව 7,560,767ක් දක්වා ඉහළ ගොස් ඇතැයි නිල නිරීක්ෂණ හා ප්‍රතිචාර මධ්‍යස්ථානය පැවසීය.

රට පුරා සිදු වූ මරණ සංඛ්‍යාවද දෛනිකව 886කින් ඉහළ ගිය අතර, එය සිකුරාදා වාර්තා වූ 887ට ආසන්න අගයකි. මේ සමග එරට සමස්ත මරණ සංඛ්‍යාව 209,028ක් විය. මේ අතර සුවය ලැබූවන් සංඛ්‍යාව 17,852ක් වූ අතර, ඒ සමග සමස්ත සුවය ලැබූවන් 6,710,574ක් දක්වා වැඩි විය.

මොස්කව්හි නව ආසාදිතයන් 4,032ක් වාර්තා වූ අතර, නගරයේ සමස්ත ආසාදන සංඛ්‍යාව 1,641,945ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වනවිටත් රුසියානුවන් මිලියන 42.4කට වැඩි පිරිසකට පූර්ණ එන්නත ලබාදී තිබුණත්, එරට තුළ එන්නත්කරණයට පසුබසින පිරිස වැඩි වීමද ආසාදන ඉහළ යෑමට හේතුවක් බව කියයි.



Recommended Articles