රුසියානු එරෙහි Hate Speech සඳහා Facebook වාරණ නෑලු


"වෛරී කථාව" (Hate Speech) තමන්ට අභිමත ඉලක්කවලට යොමුකරන විට එය වෛරී කථාවක් නොවන අවස්ථා ඇති බව ප්‍රකට කරමින්, Facebook, Instagram සහ WhatsApp පිටුපස සිටින Meta සමාගම, ඇතැම් රටවල රුසියානුවන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය සඳහා කැඳවුම් කිරීමට ඉඩ දීම සඳහා එහි වාරණ මාර්ගෝපදේශ වෙනස් කළේය.

"රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස 'රුසියානු ආක්‍රමණිකයන්ට මරණය' වැනි ප්‍රචණ්ඩකාරී කතා වැනි සාමාන්‍යයෙන් අපගේ නීති කඩ කරන දේශපාලන ප්‍රකාශන ආකාර සඳහා අපි තාවකාලිකව අවස්ථාවක් ලබා දී තිබෙනවා" මාර්ක් සකර්බර්ග්ගේ සමාජ මාධ්‍ය ප්‍රකාශකයෙකු රොයිටර් පුවත් සේවයට පවසා ඇත.

රුසියාවේ ජනාධිපති ව්ලැදිමීර් පූටින් සහ බෙලාරුස්හි ඇලෙක්සැන්ඩර් ලුකාෂෙන්කෝගේ මරණය ප්‍රාර්ථනා කළද රුසියානු සිවිල් වැසියන්ට මෙය අදාළ නොවනු ඇතැයි සිතිය හැකි නමුත්, මේ වනවිට වාර්තා වන පරිදි මෙම විශේෂ නීතිය ක්‍රියාත්මක වන්නේ තෝරාගත් රටවලට පමණක් බවද රුසියාව පෙන්වා දෙයි.

කෙසේ වෙතත් සිරියාව, ඉරානය, ඉරාකය හෝ ලිබියාව සඳහා ඇමෙරිකානුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සඳහා කැඳවීම්වලට ඉඩදීමට ඔවුන් මෙම ක්‍රමවේදය කිසිදිනෙක ක්‍රියාත්මක නොකළ බවද රුසියාව සිහිපත් කර දෙයි. ඒ අනුව මෙම ආයතන පාලනය කරන්නේ කවුරුන්ද, මේවායේ බළල් හස්ථයන් කවුරුන්ද යන්න ලෝකය තේරුම්ගත යුතු බවද රුසියාව මතක් කර දෙයි.



Recommended Articles