රුසියාවේ ඉන්ස්ටර්ග්‍රෑම් තරුවක් ලෙස ප්‍රකට එක්ටෙරීනා කරග්ලනෝවා ඝාතනය කර ඇති බව රුසියානු මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසයි.
24 හැවිරිදි එක්ටෙරීනා ජීවත් වූ මොස්කව් නුවර මහල් නිවාසයේ තිබූ සූට් කේස් එකක් තුළ පිහි ඇණුම් තුවාල සහිත ඇගේ මළ සිරුරු තිබූ බව පොලීසිය පවසයි.
දින කිහිපයකින් ඇය පවුලේ උදවිය සමග කතාබස් නොකිරීම නිසා ඔවුන් කළ පැමිණිල්ලකට අනුව පොලීසිය ක්‍රියාත්මකව මෙම පරීක්ෂණ සිදුකර ඇත.
ඉන්ස්ටර්ග්‍රෑම් සමාජජාලය තුළ අනුගාමිකයන් 85,000ක් පමණ සිටින ඇය, මෑතකදී වෛද්‍යවරියක ලෙස සිය වෛද්‍ය උපාධිය අවසන් කළ බවද සඳහන් වෙයි.
ඇය කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බව විශ්වාස කරමින් මේ පිළිබඳ පරීක්ෂණ වැඩිදුරටත් සිදුකරන බව පොලීසිය පවසයි.