රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු අසල්වැසි යුක්රේනයේ සිදුවෙමින් පවතින හමුදා මෙහෙයුමට සම්බන්ධ රුසියානු හමුදාවන් නිරීක්ෂණය සඳහා හදිසි සංචාරයක නිරත වී තිබේ.
ෂෝයිගු දකුණු සහ මධ්‍ය භටයින්ගේ අණදෙන නිලධාරීන්, යුධ හමුදා ජෙනරාල් සර්ජි සුරෝවිකින් සහ කර්නල් ජෙනරාල් ඇලෙක්සැන්ඩර් ලපින් මෙන්ම අනෙකුත් ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරීන් හමුවූ බව කියයි.
"සිවිල් යටිතල පහසුකම් සහ ඩොන්බාස් හරහා ජනාවාසවල පදිංචිකරුවන්ට දැවැන්ත රොකට් සහ කාලතුවක්කු ප්‍රහාර දියත් කිරීමට කියෙව් පාලන තන්ත්‍රයට ඇති හැකියාව බැහැර කිරීම සඳහා රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධානියා සියලුම මෙහෙයුම් ප්‍රදේශවල කණ්ඩායම්වල ක්‍රියාකාරකම් වේගවත් කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදීමක් සිදුකළා" හමුදාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.