Google හි මව් සමාගම වන Alphabet සතු YouTube, යුක්රේනයේ ගැටුම උපුටා දක්වමින්, ලොව පුරා රුසියානු රාජ්‍ය මාධ්‍ය නාලිකා වෙත ප්‍රවේශය අවහිර කරන බව,ත් රුසියාව තුළ එහි වේදිකාවේ සියලු මුදල් ඉපැයීම අවහිර කරමින් සියලු පරිශීලකයන් demonetize කරන බවත් නිවේදනය කර තිබේ.
යුරෝපා සංගමයේ ඉල්ලීම පරිදි රුසියාවේ RT සහ Sputnik අවහිර කළ YouTube, වැඩිදුරටත් නිවේදනය කළේ තමන් මෙම වාරණය සමස්ත ලෝකයටම ව්‍යාප්ත කරන බවත්, රුසියානු රාජ්‍ය අරමුදල් සහිත මාධ්‍ය සමඟ සම්බන්ධ සියලුම නාලිකා මෙසේ අවහිර කරන බවත්ය.
මේ අතර, YouTube දැන්වීම් දැනටමත් රුසියාවේ අවහිර කර ඇති අතර, එම වේදිකාව තුළ රුසියානුවන්ට මුදල් ඉපැයීමට ඇති අවස්ථාවද අවහිර කරන බව සඳහන් කර තිබේ.