රුමේනියාවේ ප්‍රධාන විපක්ෂය වන සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂය විසින් ආරම්භ කරන ලද විශ්වාසභංග ඡන්දයට පාර්ලිමේන්තුවේ සියලු විරුද්ධ පක්ෂවල සහයෝගය ලැබීමත් සමග එරට අග්‍රාමාත්‍ය ෆ්ලොරින් සිටුගේ නායකත්වයෙන් යුතු හවුල් ආණ්ඩුව අද (05දා) බිඳ වැටී තිබේ.
වත්මන් අගමැතිවරයා පාලක ජාතික ලිබරල් පක්ෂයේ නායකයා ලෙස තේරී පත්වී දින 10කට පසුව සහ 2020 දෙසැම්බර් 23 දින ඔහුගේ කැබිනට් මණ්ඩලය බලයට පත් වී මාස 10 කටත් අඩු කාලයකදී මෙසේ ඔවුන්ට ගෙදර යෑමට සිදුව ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ වත්මන් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය නව රජයක සාමාජිකයින් දිවුරුම් දෙන තුරු පොදු කටයුතු පරිපාලනය සඳහා පමණක් කළ යුතු දේ සිදුකළ යුතු බව ඡන්ද විමසීමෙන් පසු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක ලුඩොවික් ඕර්බන් පැවසීය.