රුමේනියාවේ 15 හැවිරිදි දැරිය දූෂණය කර මරාදැමීමේ සිදුවීම සම්බන්ධයෙන් දිගින් දිගටම ප්‍රශ්න කෙරුණු සැකකරු පාපොච්චාරණයක් කර තිබේ.
65 හැවිරිදි ජෙඔර්ගේ ඩින්කා නමැති සැකකරු එහිදී පාපොච්චාරණය කර ඇත්තේ තමන් ඇලෙක්සැන්ඩ්‍රා නමැති 15 හැවිරිදි දැරිය මෙන්ම, පසුගිය අප්‍රේල් මාසයේදී අතුරුදන් වූ 18 හැවිරිදි ලුයිසා මෙලෙන්ක්‍යුන්ද ඝාතනය සිදුකළ බවයි.
ඇලෙක්සැන්ඩ්‍රාගේ සිදුවීම වඩාත් සමාජ කතාබහට ලක්වූයේ තමන් පැහැරගෙන යාමකට ලක්ව ඇති බවට ඇය පොලීසිය වෙත අවස්ථා තුනකදීම දුරකථනයෙන් දැනුම් දුන්නද එය ගණනකට ගෙන නොතිබීම නිසාය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් රුමේනියාවේ පොලිස් ප්‍රධානියාට සිය ධුරයද අහිමි විය. කෙසේ වෙතත්, මෙම සිදුවීම සුළුවෙන් තැකූ සියලු රාජ්‍ය නිලධාරීන් ධුරයෙන් ඉවත්විය යුතු බවට රුමේනියාවේ බුචාරෙස්ට් අගනුවර පසුගියදා දැවැන්ත උද්ඝෝෂණයක්ද සංවිධානය වී තිබුණි.