අභාවප්‍රාප්ත දෙවැනි එළිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවය අද (19දා) පැවැත්වීමට නියමිතය.
වෙස්ට්මිනිස්ටර් ශාලාවේ තැන්පත් කර ඇති රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනතාවට ලබා දුන් කාලය ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 11.00 ට අවසන් විය.
අවමංගල්‍ය පෙරහැර නැරඹීමට සහ අවසන් කටයුතු සිදුකෙරෙන ආකාරය දැකබලා ගැනීමට මේ වනවිටත් විශාල පිරිසක් ලන්ඩන් නගරයට එක්රොක් වී සිටින බව විදෙස් වාර්තා පවසයි.
රැජිනගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එරට වේලාවෙන් උදෑසන 11.00ට (ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 3.30ට) වෙස්ට්මින්ස්ටර් ඇබේ දේවස්ථානයේදී සිදුකෙරෙයි.
එහිදී සිදුවන ආගමික කටයුතු සඳහා බ්‍රිතාන්‍ය යේ දේශපාලනඥයින් විදෙස් නායකයින් සහ ආරාධිතයින් විශාල පිරිසක් එක්වෙති.
රාජකීය පවුලේ සාමාජිකයන්ද අවමංගල්‍ය පෙරහර සමඟ පා ගමනින් වෙස්ට්මින්ස්ටර් දේවස්ථානය කරා ගමන් කිරීමට නියමිත අතර, විදෙස් මාධ්‍ය පවසන පරිදි රැජිනට ගෞරව දැක්වීඹ සඳහා දෙස් විදෙස් ආරාධිතයන් 2,000ක් පමණ එක්ව සිටිති.