දෙවැනි එලිසබෙත් රැජිනගේ අවමගුලට සහභාගී වීම සඳහා ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ ඔහුගේ බිරිඳ ජිල් බයිඩන් ලන්ඩනය වෙත ගොස් තිබේ.
ඒ අනුව වත්මන් ජනාධිපතිවරයා වොෂිංටන් නුවරින් ලන්ඩනය බලා පිටත්ව ගියත්, හිටපු ඇමෙරිකානු ජනාධිපතිවරු කිසිවෙකුත් මේ සඳහා සහභාගී නොවන බව කියයි.
සඳුදා වෙස්ට්මිනිස්ටර් ඇබේ හිදී පැවැත්වෙන අවමංගල්‍ය උත්සවය සඳහා රාජකීය ආරාධනය බයිඩන් සඳහා පමණක් බව ධවල මන්දිරය මේ සතිය මුලදී ප්‍රකාශ කළේය.
සිය 70 වසරක රාජ්‍යයත්වය නිමා කරමින් පසුගිය සැප්තැම්බර් 8 වැනි දින රැජින කළුරිය කළාය.
ඇය මෑත වසරවලදී ඩොනල්ඩ් ට්‍රම්ප්, බැරැක් ඔබාමා සහ ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ඇතුළු එක්සත් ජනපද ජනාධිපතිවරුන් කිහිප දෙනෙකු හමුවී ඇත.
ඇයට ලින්ඩන් ජොන්සන් හැර අවසන් ඇමෙරිකානු ජනාධිපතිවරුන් 14 දෙනාගෙන් 13දෙනෙකු මුණ ගැසුණු අතර, හැරී ටෲමන් සමග ඒ ගනුදෙනුව ආරම්භ වූයේ 1951 දී ඇය කුමරියකව සිටියදීය.