රැජින හමුවී අවසර ලබමින් බොරිස් ජොන්සන් බ්‍රිතාන්‍ය අගමැති ධුරයට


නව රජයක් පිහිටුවීම සඳහා බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජිනගෙන් ඊයේ (24දා) අවසර ලබාගැනීමත් සමග බොරිස් ජොන්සන් බ්‍රිතාන්‍යයේ නව අගමැති ධුරයට පත්විය.

එළිසබෙත් රැජින විසින් ඔහුට බකිංහැම් මාලිගයට ආරාධනා ලැබුණු අතර, එහිදී, රැජින සමග අතට අත දෙමින් ඇයට ගෞරවය දක්වා රජයක් පිහිටුවීම සඳහා ඔහු අවසර ලබාගෙන තිබුණි.

ජෙරමි හන්ට් සමග පැවති කන්සර්වේටිව් පක්ෂ නායකත්ව තරඟයේදී බොරිස් ජොන්සන් ඡන්ද 92,153 ලැබූ අතර, හන්ට් ලැබුවේ ඡන්ද 46,656ක් පමණි.

එම පක්ෂ නායකත්වය සමග රටේ අගමැති ධුරය සඳහා බොරිස් ජොන්සන් සුදුසුකම් ලැබූ අතර, හිටපු අගමැතිනී තේරේසා මේ සිය ධුරයට සමුදුන්නාය.

බ්‍රිතාන්‍යයේ නව අගමැති ධුරයට පත්වන බොරිස් ජොන්සන් එල්ටන් විද්‍යාලයේ සහ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබා තිබේ.

ඔහු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා සමාන ප්‍රතිපත්ති සහිත දේශපාලනඥයෙකු ලෙස ප්‍රචලිතය.



Recommended Articles