රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ හමුවේ ඉරාක අගමැති ඉල්ලා අස්වීමට යයි


ඉරාක අග්‍රාමාත්‍ය ඇඩෙල් අබ්දුල් මහීඩි සිය ඉල්ලා අස්වීම ඉදිරිපත් කිරීමට නියමිත බව ඔහුගේ කාර්යාලය පවසයි.

ආසන්න දිනි කිහිපයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ ආරම්භ වූදා සිට ලේ වැගිරීම් දිනෙන් දින වර්ධනය වූ අතර, මේ දක්වා පුද්ගලයින් 40කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අබ්දුල් මහීඩිගේ තීරණයට එළැඹෙන්නේ ඉරාකයේ ඉහළ ෂියා මුස්ලිම් පූජකවරයා විරෝධතාකරුවන්ට එරෙහිව බලය යෙදවීම හෙළා දැක නව රජයක් ඉල්ලා සිටීමත් සමගිනි.

ඔක්තෝබර් ආරම්භයේ සිට විරෝධතා හේතුවෙන් පුද්ගලයින් 400කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් තිබේ.

ඉරාක ජාතිකයින් ඉල්ලා සිටින්නේ රැකියා, දූෂණය අවසන් කිරීම සහ වඩා හොඳ මහජන සේවාවන් ය.



Recommended Articles