රාජකීයත්වයට ආයුබෝවන් කියා මොරියාගේ ආදරය පැතූ අයාකෝ


ජපානයේ තවත් රාජකීය කුමාරිකාවක තමාට උපතින්ම උරුම වූ රාජකීයත්වය අත්හැර සාමාන්‍ය ජපන් වැසියෙකු සමග විවාහ වීමට සූදානමින් සිටින බව අනාවරණය කරයි.

27 වැනි වියෙහි පසුවන අයාකෝ කුමරිය පවසා ඇත්තේ, නාවුක සමාගමක සේවය කරන 32 හැවිරිදි කේයි මොරියා සමග ලබන ඔක්තෝබර් 29 වැනිදා ටෝකියෝ හි මෙයිජි ජෙන්ගු ආශ්‍රමයේදී තමන් විවාහ ගිවිස ගන්නා බවයි.

ජපානයේ අකිහිතෝ අධිරාජ්‍යයාගේ ඥාති සොහොයුරියක වන නැසීගිය ටකමෝඩෝ කුමරියගේ දියණියක වන අයාකෝ කුමරිය, ජපාන රජ පරම්පරාවේ ඉතා කෙටි කාලයක් තුළ සාමාන්‍ය ජපන් වැසියෙකු සමග විවාහ ගිවිස ගන්නා බව ප්‍රකාශ කළ දෙවැනි කුමාරිකාව වීමද විශේෂත්වයකි.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී අකිහිතෝ අධිරාජ්‍යයාගේ වැඩිමහලු මිණිබිරියක වූ මාකෝ කුමරිය සිය රාජකීයත්වය අත්හැර පාසල් සමයේ සිට මිතුරෙකු වූ කෙයි කොමුරෝ සමග විවාහ ගිවිස ගන්නා බව දැනුම් දුන්නාය.



Recommended Articles