රටපුරා මුඛ ආවරණ පැලඳීමේ නියෝගයක් සඳහා වූ බයිඩන් කළ ඉල්ලීමට ට්‍රම්ප් පහරදෙයි


ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂක ජෝ බයිඩන් විසින් ඉදිරි මාස තුන සඳහා ප්‍රසිද්ධියේ මුඛ ආවරණ පැලඳීමේ නියෝගයක් එරට සියලු ආණ්ඩුකාරවරුන්ගෙන් ඉල්ලා සිටීම නිසා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ ප්‍රතිවාදියාට පහර දීමට පටන් ගෙන තිබේ.

"මේ ඉලක්කය සපුරා ගැනීම සඳහා නීතිගරුක ඇමෙරිකානුවන් මත ෆෙඩරල් ආණ්ඩුවේ සම්පූර්ණ බර ඔවුන් මත පැටවීමට අපට අවශ්‍ය නැහැ. ඇමරිකානුවන්ට ඔවුන්ගේ නිදහස තිබිය යුතුයි" ට්‍රම්ප් පැවසීය.

"මම ඇමෙරිකානු ජනතාව සහ ඔවුන්ගේ ආණ්ඩුකාරවරුන් කෙරෙහි දැඩි විශ්වාසයක් තබා තිබෙනවා. මම ඇමෙරිකානු ජනතාව විශ්වාස කරනවා. ආණ්ඩුකාරවරුන්ට අවශ්‍ය වන්නේ බුද්ධිමත් තීරණ ගැනීම සඳහා නිවැරදි දේ කිරීමටයි. නමුත් ජෝ එසේ කරන්නේ නෑ." ට්‍රම්ප් කීවේය.

සියලුම ඇමෙරිකානුවන් මුඛ ආවරණ පලඳින්නේ නම් ඉදිරි මාස තුනේදී ජීවිත 40,000ක් බේරාගත හැකි බවට සෞඛ්‍ය විශේෂඥයන්ගේ අනාවැකි උපුටා දක්වමින් ජෝ බයිඩන් මෙම ඉල්ලීම කර තිබුණි.

"මුඛ ආවරණයක් පැලඳීමෙන් ඔබට වෛරසය වැලඳීමට ඇති අවස්ථාව අඩු වෙනවා." බයිඩන් පැවසීය. "ඒ වගේම එය අනෙක් පුද්ගලයන්ව ආසාදනය වීමද වළක්වනවා."

"සෑම ඇමරිකානුවෙක්ම ඉදිරි මාස තුන සඳහා අවම වශයෙන් නිවසින් පිටත සිටින විට මුඛ ආවරණයක් පැලඳිය යුතුවා සේම, සෑම ආණ්ඩුකාරවරයෙක්ම අනිවාර්ය මුඛ ආවරණ පැලඳීමේ නියෝගයක් ගෙන ආ යුතුයි." බයිඩන් වැඩිදුරටත් පැවසීය.



Recommended Articles