රටක පාරිසරික දියුණුවත් ඉතාම වැදගත් - චීන ජනපති


චීන අගනුවර වාර්ෂික රුක් රෝපණ ක්‍රියාකාරකම්වල ප්‍රමුඛත්වය ගත් 10 වැනි වසර සනිටුහන් කරමින් ජනාධිපති ෂී ජින්පින් බදාදා බීජිං නුවර රුක් රෝපණ වැඩසටහනට සහභාගී විය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන ලේකම් සහ මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ද වන ෂී සඳහන් කළේ, චීනයේ පරිසරය වඩාත් යහපත් වන පරිදි පාරිසරික දියුණුව සඳහා තල්ලු කිරීම, සුන්දර චීනයක් ගොඩනැගීම සහ සමස්ත සමාජයම, විශේෂයෙන්ම තරුණ තරුණියන් දිරිගැන්වීම සඳහා තම එම දායකත්වය ලබාදුන් බවය.

මෙම ක්‍රියාකාරකම සඳහා චීන අග්‍රාමාත්‍යවරයා ඇතුළු අනෙකුත් නායකයින්ද සහභාගී විය. ඒ අනුව, ඩැක්සිං හි දකුණු දිස්ත්‍රික්කයේ නගර උද්‍යානයක නායකයින් මෙම රුක්රෝපණ වැඩසටහන සමග එක්විය.

ෂී මෙම අවස්ථාවේදී ඔහු අවට සිටින තරුණ සිසුන්ගෙන් ඔවුන්ගේ අධ්‍යයන කටයුතු ගැනද විමසා සිටි අතර, වෙහෙස මහන්සි වී වැඩ කිරීමේ හැඟීමක් ඇති කිරීමට ඔවුන් පොළඹවා තිබුණි. පරිසරය සුරැකීමේ සහ සම්පත් සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාව පිළිබඳ ඔවුන්ගේ දැනුවත්භාවය වැඩි කරන ලෙසද ඔවුන්ට පැවසීය.

"18 වැනි චීන කොමියුනිස්ට් පක්ෂ ජාතික සම්මේලනයේ සිට, පාරිසරික ශිෂ්ටාචාරයේ සංවර්ධනය, වන වගාව දියුණු කිරීම සහ නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන පරිසරය වැඩිදියුණු කිරීම, පිරිසිදු ජලය සහ සශ්‍රීක කඳු අගනා වත්කම් බවට පත්කිරීමට අපි එකඟ වී සිටිමු" ෂී පැවසීය. "ලස්සන චීනයක් යථාර්ථයක් වෙමින් පවතී." චීන නායකයා වැඩිදුරටත් සඳහන් කළේය.

පාරිසරික පද්ධතිය ආරක්ෂා කර යථා තත්ත්වයට පත් කිරීමට සහ පරිසරයේ මූලික දියුණුව සාක්ෂාත් කර ගැනීමට අඛණ්ඩව සහ වෙහෙස මහන්සි වී වැඩ කරන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.



Recommended Articles