හිටපු ඉන්දීය අගමැති රජීව් ගාන්ධි ඝාතනය යුද්ධයෙන් විනාශ වූ ශ්‍රී ලංකාවේ දෙමළ ඩයස්පෝරාවේ උවමනාවන් වෙනුවෙන් සිදුකළ ක්‍රියාවක් බව තමිල්නාඩුවේ දෙමළ ජාතිකවාදී නායකයෙකු හා නාම් තමිෂාර් පක්ෂයේ කැඳවුම්කරු සීමන් පවසා තිබේ.
පසුගිය සෙනසුරාදා වික්‍රවාන්ඩි හි පැවති දේශපාලන රැළියක් අමතමින් සීමන් සිදුකළ මෙම ප්‍රකාශය ඉන්දියාව තුළ ආන්දෝලනයක් ඇති කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය පවසයි.
ඔහු මෙම රැස්වීමේදී තවදුරටත් අනාවැකි පළ කර ඇත්තේ, දෙමළ ජාතිය බේරාගැනීම සඳහා %දෙමළ සතුරා^ ලෙස හැඳින්වූ රජීව් ගාන්ධි ඝාතනය කළ බවට ඉතිහාසය නැවත ලිවීම සඳහා කාලයක් පැමිණෙනු ඇති බවයි.
මෙම ප්‍රකාශය සමාජ මාධ්‍ය තුළ ඉතා විශාල වශයෙන් හුවමාරු වී ඇති අතර, තමිල්නාඩුවේ කොංග්‍රස් පක්ෂ ප්‍රධානියාද මෙය තරයේ හෙළා දැක තිබේ. එමෙන්ම, භාරතීය ජනතා පක්ෂ නායකයන්ගේ ට්විටර් ගිණුම් තුළද දක්නට ලැබුණේ සීමන්ට එරෙහි චෝදනාවන්ය.
සෙසු ජනවාර්ගික ප්‍රජාවන් කෙරෙහි වෛරය පතුරුවමින්, දෙමළ හිතවාදී ස්ථාවරය පමණක් කියා පෑමෙන් සීමන් ප්‍රසිද්ධියට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පවසයි.