යේමනයේ හෝයුතු ඉලක්ක වෙත සෞදිය ප්‍රමුඛ හමුදා ප්‍රහාර ඉහළට


යේමන රජයට පක්ෂපාතී සටන් කණ්ඩායම් සහ සෞදි අරාබිය ප්‍රමුඛ ඒකාබද්ධ හමුදා එක්ව හොයුති කැරලිකරුවන්ගේ ප්‍රධාන වරාය නගරයක් වන හුදෙයිදාහ් වෙත ඊයේ (13දා) දිනයේදී ප්‍රහාරයක් දියත් කිරීමත් සමග එම පළාතේ දරුණු ගැටුම් ඇවිලෙන බව විදෙස් වාර්තා පවසයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය තහවුරු කරනු ලැබුවේ මෙම ගැටුම්වලින් තම හමුදා සාමාජිකයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. එමෙන්ම, හොයුති කැරලිකරුවන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද වාර්තා වෙයි.

නගරයේ දකුණුදිග අල්-දුරායිහ්මි ප්‍රදේශයේ සහ ගුවන් තොටුපොළ ආශ්‍රිතව ප්‍රධාන වශයෙන් ගැටුම් වාර්තා වන බව සඳහන් වෙයි.

මේ අතර, අද (14දා) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය රැස්වී යේමනය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සූදානම් වෙයි.

රට වෙත ආහාර ද්‍රව්‍ය හා ආධාර සැපයෙන ප්‍රධාන වරාය නගරයක්මේ ආකාරයෙන් යුදමය කලාපයක් බවට පත්වීමත් සමග මිලියන 8ක පමණ ජනතාවක් නිරාහාරව මියැදීමේ වැඩි සම්භාවිතාවක් පවතින බව යුද විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

1_Houthi



Recommended Articles