යේමනයේ කාර් බෝම්බ පිපිරීමකින් ජීවිත හානි


යේමනයේ දකුණුදිග ඒඩන් ගුවන් තොටුපළේ පිටත ගේට්ටුව අසල සිදුවූ කාර් බෝම්බ පිපිරීමකින් කාන්තාවන් සහ ළමයින් ඇතුළු පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම ප්‍රහාරයෙන් තවත් 25දෙනෙකු තුවාල ලැබූ බව යේමනයේ ආරක්ෂක අංශ අනාවරණය කරයි.

ඒඩන් හි ආරක්ෂක පරිපාලනය විසින් නිකුත් කරන ලද කෙටි නිවේදනයකින් පැවසුණේ, ත්‍රස්තවාදීන් විසින් ඒඩන් හි ගුවන් තොටුපලේ ප්‍රධාන දොරටුවේ පළමු මුරපොල අසල කාර් බෝම්බයක් පුපුරුවා හැර ඇති බවයි.



Recommended Articles