යේමනයේ මධ්‍යම පළාත වන මාරිබ් හිදී හවුති සටන්කාමීන් සහ එරට හමුදා අතර පැවති ගැටුමකදී හවුති කැරලිකරුවන් 74 දෙනෙකු සහ යේමනයේ හමුදා සෙබළුන් අට දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව රජයේ හමුදා ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මෙම සටන සිදුව තිබුණේ රජය විසින් පාලනය කෙරෙන මැරිබ් නගර මධ්‍යයට නිරිත දෙසින් කිලෝමීටර් 60ක් පමණ ඈතින් වූ හරීබ් දිස්ත්‍රික්කයේ බවද කියයි.
යේමනයේ උද්ගතව ඇති සටන් හේතුවෙන් මේ වනවිට දහස් ගණන් ජනතාවට උන්හිටි තැන් අහිමි වී ඇති අතර, දැඩි ආහාර හිඟයක් ගැනද වරින් වර අනතුරු ඇඟවිම් කෙරිණි.