යුරෝපා සංගම් පාර්ලිමේන්තු සභාපති ධුරයට කාන්තාවක්


යුරෝපා සංගමයේ පාර්ලිමේන්තුවේ නව සභාපතිවරයා ලෙස රොබෙර්ටා මෙට්සෝලා තේරී පත්වී පත්ව ඇති අතර, වර්ෂ 1979 සිට පිරිමින් 20කට වැඩි පිරිසක් එම භූමිකාවේ සේවය කර ඇති පසුබිමක, ඇය එම තනතුර දරණ තුන්වැනි කාන්තාව බවට පත්ව තිබේ.

මෙට්සෝලාගේ තේරී පත්වීම යන්නෙන් අදහස් වන්නේ යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ සභාපති, යුරෝපීය කොමිසමේ සභාපති (උර්සුලා වොන් ඩර් ලේන්) සහ යුරෝපීය මහ බැංකුවේ ප්‍රධානියා (ක්‍රිස්ටීන් ලගාඩ්) යන තිදෙනාම පළමු වැනි වතාවට කාන්තාවන් වීමය.

ව්‍යවස්ථාදායකයේ ප්‍රධාන දේශපාලන කණ්ඩායම් අතර සාමාන්‍ය පස් අවුරුදු ධුර කාලය බෙදීමේ ගනුදෙනුවකදී 43 හැවිරිදි ඇයට වසර දෙකහමාරක ධුර කාලයක් ලබා දී ඇත. 65 හැවිරිදි ඉතාලි දේශපාලනඥ ඩේවිඩ් සැසෝලිගේ අභාවයෙන් පසු නව සභාපතිවරයෙකු පත්කිරීමේ ඡන්ද විමසීම වේගවත් විය.

ඔහුගේ සභාපති ධුර කාලය මේ මස අවසන් වීමට නියමිතව තිබුණද ඔහු ජනවාරි 11 වැනිදා රෝමයේදී මිය ගියේය.



Recommended Articles