යුරෝපා සංගමයේ එක්සත් ජනපද තානාපති ගෝර්ඩන් සොන්ඩ්ලන්ඩ්ට කාන්තාවන් තිදෙනෙකු විසින් ලිංගික විෂමාචාර චෝදනා එල්ල කර තිබේ.
පෝට්ලන්ඩ් මාසික සඟරාව සහ ප්‍රොපබ්ලිකා විසින් ප්‍රකාශයට පත් කරන ලද මෙම චෝදනා ඔහු තානාපති ධුරයට පත්වීමට පෙර සිටම දිව යන ඒවාය.
මෙම චෝදනාවට ලක්වන සිදුවීම් සිදුවන කාලයේදී ඔහු පැසිෆික් වයඹදිග පෝට්ලන්ඩ් සහ සියැටල් හි හෝටල් සංවර්ධන ව්‍යාපෘතිවල සේවය කරමින් සිට ඇත.
කෙසේ වෙතත්, සොන්ඩ්ලන්ඩ් මේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෝෂාභියෝග නඩු විභාගයේදී ඔහුගේ භූමිකාව වෙනුවෙන් කාන්තාවන් ඉලක්ක කර ගත් බවට පෙරළා චෝදනා කරයි.
"අනවශ්‍ය ස්පර්ශ සහ සිපගැනීම් පිළිබඳ මේ අසත්‍ය ප්‍රකාශයන් උපක්‍රමිකව යොදාගෙන ඇති අතර දේශපාලන අරමුණු සඳහා ඒවා එකිනෙක සම්බන්ධ කර තිබෙනවා" යනුවෙන් ඔහු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
"ඇත්ත වශයෙන්ම ඔවුන්ට කිසිදු පදනමක් නැහැ. මම ඒවා තරයේ ප්‍රතික්ෂේප කරනවා."
ඔහුට එල්ල වන චෝදනා මොනවාද?
කාන්තාවන් තිදෙනාම කියා සිටියේ සොන්ඩ්ලන්ඩ් ඔහුගේ ලිංගික ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු වෘත්තීයමය වශයෙන් ඔවුන්ගෙන් පළිගැනීම් සිදුකළ බවයි. ඒ අනුව, ඔවුන්ගේ රැකියා ස්ථානයේදී වාචිකව අපයෝජනය කිරීම, පොරොන්දු වූ ආයෝජනයන් ප්‍රතික්ෂේප කිරීම ආදිය සිදුකළ බවද ඔවුහු කියති.
එක් කාන්තාවක් වන නිකොල් වොගල් පැවසුවේ 2003 දී රාත්‍රී ආහාරය සඳහා සොන්ඩ්ලන්ඩ් තමා හමුවූයේ ඇගේ නව සඟරාව සඳහා ආයෝජන ලබා ගැනීම සඳහා බවයි.
වොගල්, පෝට්ලන්ඩ් මාසික සඟරාවේ හිමිකරු වන අතර, එදින රාත්‍රී ආහාරයෙන් පසු සොන්ඩ්ලන්ඩ් ඇයව ඔහුගේ හෝටලයකට කැඳවා කාමරයක් බැලීමට ඇයට ආරාධනා කළ බව ඇය පවසයි.
පසුව ඔහු වැළඳගැනීමක් ඉල්ලා සිටි නමුත් ඇය එය ප්‍රතික්ෂේප කළ නිසා ඔහු අගේ මුහුණ සිප ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී ඇය එම ස්ථානයෙන් පළාගොස් තිබේ.
මෙසේ ඇය ඔහුව ප්‍රතික්ෂේප කළ නිසා පසුව තමන් ගෙනා ආයෝජනයේ කොන්දේසි වෙනස් කරමින් ඊමේල් පණිවිඩයක් ලැබුණු බව ඇය කියා සිටියි.
තවත් කාන්තාවක් වන ජන සොලිස් පැවසුවේ 2008 දී හෝටල් ආරක්ෂණ විශේෂයෙකු ලෙස රැකියාවක් සොයන විට තමා සොන්ඩ්ලන්ඩ් හමුවූ බවයි. මෙහිදීද වරින් වර නොයෙක් අවස්ථාවලදී ඇය හමුවී ඇති ඔහු වරක් බලහත්කාරයෙන් ඇයව සිප ගැනීමට උත්සාහ කළ බවද සඳහන් වෙයි.
මේ ආකාරයෙන් තමා වෙත එල්ල වන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බව සොන්ඩ්ලන්ඩ් අවධාරණය කරයි.