යුරෝපා සංගමයට එරෙහිව නඩු පවරන්න යැයි ට්‍රම්ප් කීවා - මේ


යුරෝපා සංගමය සමග කතිකා කරනවාට වඩා ඔවුනට එරෙහිව නඩු පවරන ලෙස ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ට පවසා සිටියේ යැයි බ්‍රිතාන්‍ය අගමැති තේරේසා මේ අනාවරණය කරයි.

බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත ඇමෙරිකානු ජනාධිපතිවරයා හා තමා අතර පැවති ද්වීපාර්ශ්වික සාකච්ඡාවලදී හෙතෙම මෙම යෝජනාව සිදුකළද, එය අතිශය සාහසික යෝජනාවක් ලෙස තමා පසුව බැහැර කළ බවද බ්‍රිතාන්‍ය අගමැතිනිය පවසයි.

බී.බී.සී.ය සමග සාකච්ඡාවකට එක්වෙමින් බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ මෙම අදහස් දැක්වීම සිදුකර තිබේ.

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් වෙන්වන බ්‍රෙක්සිට් ක්‍රියාවලය සම්බන්ධයෙන් වූ කතිකාවන් මේ වනවිට සිදුවෙමින් පවතින අතර, මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනපතිවරයා විරෝධාකල්පයක් දක්වා තිබුණි.

ඔහු පවසා තිබුණේ යුරෝපා සංගමයෙන් ඉවත්වීම සඳහා වූ බ්‍රෙක්සිට් ක්‍රියාවලිය සිදුවුවහොත් බ්‍රිතාන්‍යයට ඇමෙරිකානු වෙළෙඳ වාසිය අහිමි වනු ඇති බවය.



Recommended Articles