රුසියාව සිය විශේෂ හමුදා මෙහෙයුමෙන් පසු යුක්රේනය සමග සබඳතා යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් ශාන්ත පීටර්ස්බර්ග් ආර්ථික සංසදය අමතමින් පැවසීය.
කසකස්තානයේ ජනාධිපති සමග පැවති ප්‍රශ්නෝත්තර සැසියකදී පූටින් පැවසුවේ ඉක්මනින් හෝ පසුව තත්ත්වය සාමාන්‍ය අතට පත් වනු ඇති බවය.
යුරෝපා සංගමයේ සාමාජිකයෙකු වීමට යුක්රේනයේ උත්සාහයට පිටුබලය දීමට යුරෝපීය කොමිසමේ ඓතිහාසික තීරණයෙන් පසුව යුක්රේනය යුරෝපා සංගමයට බැඳීමට තමාට විරුද්ධත්වයක් නොමැති බව පූටින් පැවසීය.
"අපට එයට විරුද්ධව කිසිවක් කියන්නේ නැහැ. එය හමුදා කඳවුරක් නොවෙයි. ආර්ථික සහයෝගීතාවන්ට සම්බන්ධ වීමට ඕනෑම රටකට ඇති අයිතියක්." පූටින් පැවසුවේය.
පෙබරවාරි අගදී යුක්රේනයට විශේෂ හමුදා මෙහෙයුමක් දියත් කිරීමට පෙර, පූටින් යුක්රේනය නේටෝවට ඇතුළත් නොකරන බවට එක්සත් ජනපදයෙන් නීතිමය සහතිකයක් ඉල්ලා සිටියේය. එසේම මෙම සාකච්ඡාවේදී පූටින් රුසියාවේ ව්‍යවසායන්ගෙන් ඉල්ලා සිටියේ රට ඉදිරියට තවදුරටත් වර්ධන මාවතට ගෙනයෑම සඳහා ඔවුන්ගේ දේශීය ආයෝජන ඉහළ නංවන ලෙසයි. විශේෂයෙන්ම රුසියානු ආර්ථිකය විනාශ කිරීමට බටහිර උත්සාහයන් හමුවේ ඔහු මෙම ඉල්ලීම කළේය.
එසේම රුසියාවේ විදේශ මුදල් සංචිත ඩොලර් බිලියන 300ක් පමණ පෙර නොවූ විරූ ලෙස අත්හිටුවීම ගැන සඳහන් කරමින් පූටින් පැවසුවේ සමහර ගෝලීය මුදල් සියදිවි නසා ගන්නා බවද සිහිපත් කරමිනි.