ඔමික්‍රෝන් ප්‍රභේදය මගින් අවුලුවාලූ ආසාදනයන් වැඩිවීම මධ්‍යයේ යුරෝපීය සංගමයේ සෞඛ්‍ය ඇමතිවරු සිකුරාදා කොවිඩ්-19 එන්නත්වල සිව්වැනි මාත්‍රාවක් ලබාදීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන්ද අවධානය යොමුකර තිබේ.
යුරෝපා සංගමයේ ඖෂධ නියාමකයා මෙම සතිය මුලදී පැවසුවේ දැඩි ලෙස දුර්වල වූ ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයින්ට සිව්වැනි මාත්‍රාව ලබාදීම සාධාරණ බවයි. කෙසේ වෙතත් මේ සඳහා තවදුරටත් සාක්ෂි අවශ්‍ය බවද එම ආයතනය පැවසීය.