යුරෝපා රටවල් 10ක නව වෛරසයේ ආසාදන 42ක්


යුරෝපීය සංගමයේ මහජන සෞඛ්‍ය ඒජන්සියේ ප්‍රධානියා අඟහරුවාදා කියා සිටියේ යුරෝපා සංගමයට අයත් රටවල් 10ක කොවිඩ්-19 වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූ 42නෙක් තහවුරු වී ඇති බවයි.

රෝග නිවාරණ සහ පාලනය පිළිබඳ යුරෝපීය මධ්‍යස්ථානයේ සභාපති ඇන්ඩ්‍රියා අම්මොන් අතථ්‍ය සම්මන්ත්‍රණයකදී පැවසුවේ යුරෝපා සංගමයේ බලධාරීන් තවත් සැකසහිත ආසාදන සිද්ධීන් 6ක් විශ්ලේෂණය කරමින් සිටින බවයි.

කෙසේ වෙතත් මෙතෙක් තහවුරු වූ ආසාදිතයන්ගේ මෘදු රෝග ලක්ෂණ හෝ රෝග ලක්ෂණ නොමැති බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.



Recommended Articles