යුරෝපා ගෑස් සැපයුම කපා දමන බව බෙලරූස් පවසයි


යුරෝපයට සිදුකරන ස්වභාවික ගෑස් සැපයුම කපා හරින බවට බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ විසින් තර්ජනය කර තිබේ.

පෝලන්තය සහ බෙලරූස් අතර දේශසීමාවේ සංක්‍රමණික අර්බුදය උත්සන්න වීමත් සමග මෙම තර්ජනය කිරීම සිදුකර ඇති අතර, 450කට වැඩි සංක්‍රමණිකයන් පිරිසක් බෙලරූස් සිට පෝලන්තයට දේශසීමා හරහා යාමට උත්සාහ කළ බව පෝලන්ත දේශසීමා ආරක්ෂක බලකාය පවසයි.

මෙසේ පැමිණි අයගෙන් සුළු පිරිසක් රඳවාගෙන තවත් පිරිසක් බෙලරූස් වෙතම යවා ඇති බව පෝලන්තය පවසයි.

මේ අතර දේශසීමාවේ සිටින සංක්‍රමණිකයන් බෙලරුස් වෙත ගුවනින් ආපසු ගෙන්වා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ බෙලරූස් සමග සාකච්ඡා කිරීමට තානාපතිවරුන් සලකා බලමින් සිටින අතර, යුරෝපා සංගම් අරමුදල් ආධාරයෙන් මෙම මෙහෙයුම සිදුකරන බවද කියයි.

දරිද්‍රතාවයෙන් සහ යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශවලින් පලා යන දහස් සංඛ්‍යාත සංක්‍රමණිකයන් පෝලන්තයට යාමට උත්සාහ කිරීම දිරිමත් කිරීම මගින් බෙලරුස් රාජ්‍ය විසින් යුරෝපා කණ්ඩායමට "දෙමුහුන් ප්‍රහාරයක්" එල්ල කරන බවට යුරෝපා සංගමය චෝදනා කරයි.



Recommended Articles