යුරෝපයේ ස්වභාවික ගෑස් මිල වෙළෙඳ පොළ තුළ ඉතිහාසයේ ප්‍රථම වරට ඝන මීටර් 1,000කට ඩොලර් 2,200ක් ඉක්මවා ඉහළ ගොස් තිබේ.
රුසියාව සහ යුක්රේනය අතර උත්සන්න වන අර්බුදය හමුවේ සැපයුම් හිඟය පිළිබඳ භීතිය මෙසේ ගෑස් මිල ගණන් ඉහළ යෑමට හේතුව වී ඇත.
මේ වනවිට ස්වභාවික ගෑස් මිල ඝන මීටර් 1,000කට ඩොලර් 1,500 සිට ඩොලර් 2,226 දක්වා හෝ ගෘහාශ්‍රිත ගෑස් මෙගාවොට් පැයකට ඩොලර් 213ක් දක්වා ඉහළ ගොස් ඇති බව ලන්ඩනයේ ගෑස් මිල ගණන් පිළිබඳ හුවමාරු දත්ත පෙන්වා දෙයි.
විශේෂයෙන්ම යුක්රේනය තුළ මොස්කව් හමුදාමය මෙහෙයුම මධ්‍යයේ බටහිර රාජ්‍ය ගණනාවක් විසින් රුසියාවට පැනවූ සම්බාධකවලින් පසුව මිල ඉහළ යෑම ඇරඹී ඇත.
යුක්රේනයෙන්ද යුරෝපය වෙත බහුතර ගෑස් සැපයුමක් සිදුවන අතර, එරට යටිතල පහසුකම්වලට සිදුවිය හැකි හානිය හේතුවෙන් මෙන්ම, රුසියානු තෙල් හා ගෑස් සඳහා සැපයුම් සීමා කිරීමේ හැකියාව හේතුවෙන් සැපයුම් ඇනහිටීම් පිළිබඳ බියද මෙම මිල ගණන් ඉහළ යෑමට බලපා ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.