යුරෝපය ඉහළ යන කොවිඩ්-19 ආසාදන සමග පොරබදමින් සිටින හෙයින්, ඇතැම් රටවල් ඉහළ යාම මැඬපැවැත්වීමට උත්සාහ කිරීම සඳහා නව සීමාවන් ප්‍රකාශයට පත්කර හෝ ඒ සඳහා බලකරමින් සිටියි.
පසුගිය සතියේ යුරෝපයේ නව ආසාදිතයන් මිලියන 1.8ක් සහ නව මරණ 24,000ක් ලියාපදිංචි වීමෙන් පසු යුරෝපය නැවත වරක් කොවිඩ්-19 වසංගතයේ කේන්ද්‍රස්ථානයට පැමිණ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අනතුරු අඟවා තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය යුරෝපීය කලාපයේ රටවල් 53 පුරා පවතින සම්ප්‍රේෂණ අනුපාතය දැඩි සැලකිල්ලක් දැකිවිය යුතු තත්ත්වයක් ලෙස සලකන අතර, යුරෝපය දැන් වසංගත පුනර්ජීවනයේ තවත් තීරණාත්මක අවස්ථාවක සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපයේ කලාපීය අධ්යක්ෂ හාන්ස් ක්ලූගේ පැවසීය.
ඒ අනුව පසුගිය සති හතර තුළ, WHO හි යුරෝපීය කලාපය නව කොවිඩ්-19 රෝගීන්ගේ විස්මිත 55%ක වැඩිවීමක් අත්විඳ ඇති අතර, එය දැන් ගෝලීය වශයෙන් සියලුම රෝගීන්ගෙන් 59%ක් සහ වාර්තා වූ මරණවලින් 48%ක් වෙයි.
ක්ලූගේට අනුව යුරෝපයේ පෙර නොවූ විරූ වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ප්‍රමාණවත් එන්නත් අනුපාතයක් නොතිබීම සහ වැළැක්වීමේ මහජන සෞඛ්‍ය සහ සමාජ පියවරයන් ලිහිල් කිරීමයි.
"සාමාන්‍යයෙන්, යුරෝපීය කලාපයේ පුද්ගලයින්ගෙන් 47%ක් පමණක් සම්පූර්ණ එන්නත් මාත්‍රා සම්පූර්ණ තිබෙනවා. රටවල් 08ක් මේ වනවිට 70%ක ආවරණය ඉක්මවා ඇතත්, රටවල් දෙකක අනුපාතය සියයට දහයට වඩා අඩු මට්ටමක පවතිනවා" ඔහු පැවසීය.
වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා, සිය වැඩිහිටි ජනගහනය සහ වැඩිහිටි යෞවනයන් සඳහා ඉහළ එන්නත් අනුපාතයක් ලබා ඇති යුරෝපීය සංගමයේ (EU) රටවල් අතර පවා වර්තමාන එන්නත් අනුපාතය ප්‍රමාණවත් නොවන බවට විශේෂඥයෝ යෝජනා කරති.
"සියයට හැත්තෑවක් ප්‍රමාණවත් වන්නේ නැහැ. අප 95%කට වඩා වැඩි අනුපාතයක් ලබාගත යුතුයි" ලන්ඩන් සනීපාරක්ෂක හා නිවර්තන වෛද්‍ය විද්‍යාලයේ (LSHTM) යුරෝපීය මහජන සෞඛ්‍ය පිළිබඳ මහාචාර්ය මාටින් මැකී පැවසීය.
"ඒ වගේම අපට 'එන්නත් ප්ලස්' උපාය මාර්ගයක් අවශ්‍ය වෙනවා. එය ඉහළ එන්නත් අනුපාත අඛණ්ඩ ඉහළ නැංවීමේ ක්‍රියාමාර්ග සමග ඒකාබද්ධළු ගමන් කළ යුතුයි. විශේෂයෙන් මුඛ ආවරණ පැලඳීම මෙන්ම, වැඩි වාත්‍රාශයක් සැලසෙන පරිසරයන්හි ගැවසීම අවශ්‍යයි" ඔහු පැවසීය.