කලිනින්ග්‍රෑඩ් සංක්‍රමණය සඳහා ලිතුවේනියානු තහනමට මොස්කව් ප්‍රතිචාරයක් ලෙස බෝල්ටික් රටවලට ලබාදෙන ඔක්සිජන් සැපයුම කපා හැරීම තරම් දැඩි විය හැකි බව හිටපු රුසියානු ජනාධිපති දිමිත්‍රි මෙද්වදෙව් අනතුරු ඇඟවයි.
කලිනින්ග්‍රෑඩ් යනු ලිතුවේනියාව සහ පෝලන්තය අතර පිහිටා ඇති කුඩා රුසියානු භූමි ප්රදේශයකි. මෙම මස මුලදී, කලිනින්ග්‍රෑඩ් සහ රුසියාවේ සෙසු ප්‍රදේශ අතර අනුමත භාණ්ඩ සංක්‍රමණය අත්හිටුවන බවට ලිතුවේනියානු දුම්රිය දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් කළේය.
මීට ප්‍රතිචාර ලෙස රුසියාව කියා සිටියේ යුරෝපා සංගමය සීමාවන් පැනවීමට අවධාරනය නොකළ බවත්, එබැවින් ලිතුවේනියාව "ඇමෙරිකානු ප්‍රතිලාභීන්ට නැමී, නැවත වරක් එහි මෝඩ රුසෝෆෝබික් ආකල්ප ප්‍රදර්ශනය කළ බවත්"ය.
සංක්‍රමණ තහනම රුසියාවට එරෙහිව බටහිර විසින් මුදා හරින ලද "ප්‍රොක්සි යුද්ධයක" කොටසක් බව අවධාරනය කරමින් මෙද්වෙදෙව් මොස්කව් වෙතින් පළිගැනීමේ පියවර ආපසු එද්දී "ඉතා දැඩි" වනු ඇති බවට පොරොන්දු විය.
"එවැනි උත්සන්න වීම නරක තේරීමක්. එයින් පීඩා විඳින්නන් ලිතුවේනියාවේ සාමාන්‍ය පුරවැසියන් වන අතර, ඔවුන්ගේ ජීවන තත්ත්වය, යුරෝපීය ප්‍රමිතීන්ට අනුව, හුදෙක් හිඟමනට සමානයි" මෙද්වෙදෙව් කියා සිටියේය.