යුරෝපයේ කොවිඩ්-19 කේන්ද්‍රය ඉතාලිය - රෝගීන් 322 මරණ 10


ආසියාවෙන් පිටත නව කොරෝනා වෛරසය පැතිරීමේ විශාලතම කේන්ද්‍රස්ථානය ඉතාලිය වන අතර රෝගීන් 322 ක් හා මරණ 10ක් මේ වනවිට වාර්තා වෙයි.

උතුරුදිග නගරයක රෝහලක් කලාපයේ කොරෝනා වෛරස් රෝගය වැරදි ලෙස හසුරුවා ඇති බවත්, වෛරසය පැතිරීමට එය උපකාරී වී ඇති බවත් නිලධාරීහු පිළිගත්හ.

මේ වනවිට ඉතාලියේ නගර කිහිපයක්ම වසා දමා ඇති අතර, 100,000කට වැඩි පිරිසක් නිරෝධායනයකට යටත් කරනු ලැබ තිබේ.

එමෙන්ම යුරෝපයේ ඔස්ට්‍රියාව, ස්විට්සර්ලන්තය සහ ක්‍රොඒෂියාව ඇතුළු ඉතාලියේ අසල්වැසි රටවල කිහිපයක නව කොරෝනා ආසාදිතයන් වර්තා වන අතර, ස්පාඤ්ඤයේ සහ ප්‍රංශයේද රෝගීන් වාර්තා වී තිබේ.



Recommended Articles