යුරෝපයේ 18ට වැඩි අයට බූස්ටර් මාත්‍රා අනුමත කරයි


කොවිඩ්-19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා තෙවැනි කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රාවක් හෙවත් බූස්ටර් මාත්‍රාව ලබාගැනීමට අවුරුදු 18 ත් 55 ත් අතර වයසේ පසුවන යුරෝපා සංගමයේ ජනතාවට අවස්ථාව හිමිව ඇති බව කියයි.

ඇම්ස්ටර්ඩෑම්හිදී යුරෝපීය ඖෂධ නියෝජිතායතනය විසින් ගනු ලැබූ තීරණයත් සමග මෙම අනුමැතිය හිමිව ඇති අතර, මේ දක්වා ෆයිසර්-බයෝඑන්ටෙක් මාත්‍රාවට පමණක් මෙම අවසරය ලබාදී ඇති බවද කියයි. කෙසේ වෙතත් මොඩර්නා තුන්වැනි මාත්‍රාවෙන් කණ්ඩායමට ආරක්ෂිතදැයි ඔවුන් තවම පරීක්ෂණ කරයි.

කෙසේ වෙතත් දැඩි දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයින්ට ෆයිසර් හෝ මොඩෙර්නා එන්නත අතිරේක මාත්‍රාවක් ලබා ගත හැකි බවද ඔවුන් තීරණය කර ඇත. මෙම සියලු බූස්ටර් මාත්‍රාවන් ඔවුන්ගේ දෙවැනි මාත්‍රාවෙන් අවම වශයෙන් දින 28කට පසුව සිදුවිය යුතුය.



Recommended Articles