ඉන්දියාවේ උතුරුදිග ප්‍රාන්ත රැසක් වෙත දැඩි ශීත කාලගුණික තත්ත්වයක් උදාවී ඇති අතර, එරට නව දිල්ලි නගරයද ශීත කාලගුණයෙන් පීඩාවට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.
ඉන්දියාවේ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් ඔවුන් වාර්තා කරන්නේ, ඇතැම් පළාත්වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 5ක් දක්වා පහත බැස ඇති බවය.
උතුරු ඉන්දියාව හරහා හමායන සීත සුළං දහරා මෙසේ ප්‍රදේශ රැසක උෂ්ණත්වය පහළ යෑමට හේතු වී ඇති බව පවසන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, මෙම තත්ත්වය තවත් දින කිහිපයක් පවතිනු ඇති බවද කියයි.
එහිදී, ඝන මීදුම් සහිත ස්වභාවයක් දැකිය හැකි අතර, බොහෝ ප්‍රදේශ වෙත හිරුඑළිය පතිත වීමද සීමා වී තිබේ.