යුරෝපයට හදිසියේ බලපෑ උණුසුම් කාලගුණය ඉදිරියේදී තවත් ඉහළට


යුරෝපයට මේ දිනවල බලපා ඇති හදිසියේ ඇති වූ අධික උණුසුම් කාලගුණික තත්ත්වය ඉදිරියේදී ප්‍රංශය, ස්පාඤ්ඤය, ස්විට්සර්ලන්තය යන රටවලටද බලපානු ඇති බව කාලගුණික අංශ පවසයි.

ඒ අනුව, මෙම උණුසුම් කාලගුණය සෙල්සියස් අංශක 40 - 45 දක්වා ඉහළ යනු ඇති බව එම වාර්තා මගින් පෙන්වා දෙයි.

බදාදා දිනයේදී ජර්මනිය, පෝලන්තය සහ චෙක් ජනරජය තුළ ජුනි මාසය තුළ වාර්තා වූ ඉහළම උෂ්ණත්වය වාර්තා වී තිබුණි.

කාලගුණික අංශ අනතුරු අඟවා තිබුණේ ඉදිරි දින තුනක කාලය තුළ බොහෝ යුරෝපා රටවලට මෙම උණුසුම් කාලගුණය තවදුරටත් ඉහළ යනු ඇති බවය.

මෙවැනි හදිසි උණුසුම් කාලගුණික තත්ත්වයන් ඇතිවීම කෙරෙහි ගෝලීය කාලගුණික වෙනස්වීම්ද හේතුවක් වන අතර, අතීතය විමසා බැලීමේදී කාර්මික විප්ලවයෙන් පසුව පෘථිවිය මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක එකක පමණ සාමාන්‍යයකින් ඉහළ ගොස් තිබේ.



Recommended Articles