ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) යුරෝපයේ කලාපීය අධ්යක්ෂ හාන්ස් ක්ලූගේ බ්‍රහස්පතින්දා "උත්සවභාවය" අවසන් කරන ලෙස ඉල්ලා සිටියේය
නවතම කොවිඩ්-19 සංඛ්‍යාලේඛනවලට අනුව යුරෝපය නැවතත් වසංගතයේ කේන්ද්‍රස්ථානයට පැමිණ ඇති බව පවසමින්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) යුරෝපයේ කලාපීය අධ්යක්ෂ හාන්ස් ක්ලූගේ මේ තත්ත්වය අවසන් කරන ලෙස එම රටවලින් ඉල්ලා සිටියේය
"අපි සිටින්නේ වසංගතය යළි හිස එසවීමේ තවත් තීරණාත්මක අවස්ථාවකයි" ඔහු මාර්ගගත මාධ්‍ය හමුවකදී පැවසීය.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ක්ලූගේ වැඩිදුරටත් සඳහන් කළේ, "යුරෝපා කලාපයේ රටවල් 53 හරහා වසංගතය සම්ප්‍රේෂණය වීමේ වර්තමාන වේගය WHO හි දැඩි අවධානයට ලක්වන අතර, කොවිඩ්-19 රෝගීන් නැවත වරක් වාර්තාගත මට්ටමට ළඟා වෙමින් පවතිනවා." යනුවෙනි.
පසුගිය සති හතර තුළ, WHO හි යුරෝපීය කලාපය නව කොවිඩ්-19 ආසාදිතයන්ගේ විස්මිත 55%ක් වැඩිවීමක් අත්විඳ ඇති අතර, එය දැන් ගෝලීය වශයෙන් සියලුම රෝගීන්ගෙන් 59$ක් සහ වාර්තා වූ මරණවලින් 48%ක් වෙයි.
පසුගිය සතියේ WHO වාර්තා කළේ යුරෝපීය කලාපය නව ආසාදිතයන් මිලියන 1.8ක් සහ නව මරණ 24,000ක් ලියාපදිංචි කර ඇති බවයි.
යුරෝපීය කලාපයේ වත්මන් භයානක තත්ත්වය සඳහා සියලු දෙනා ක්‍රියා කිරීමට පොළඹවිය යුතු යැයි ඔහු නැවත අවධාරණය කළේය.