යුරෝපය පුරා ගෙවුණු සතිය් කොවිඩ්-19 ආසාදිතයන් මිලියන දෙකකට ආසන්න සංඛ්‍යාවක් වාර්තා කර ඇති අතර, එය වසංගතය ආරම්භයේ සිට කලාපයේ සතිපතා වාර්තා වූ විශාලතම ආසාදිතයන් සංඛ්‍යාව බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.
යුරෝපයේ කොරෝනා වෛරසය ආශ්රිත මරණ 27,000කට ආසන්න සංඛ්‍යාවක් සිදුවී ඇති අතර, පසුගිය සතියේ ලෝකයේ කොවිඩ්-19 මරණවලින් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් එම කලාපයෙන් බව WHO අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රයීසස් මාධ්‍ය හමුවකදී පැවසීය.
නැගෙනහිර යුරෝපයේ අඩු එන්නත් අනුපාතයක් ඇති රටවල පමණක් නොව, බටහිර යුරෝපයේ ලෝකයේ ඉහළම එන්නත් අනුපාතයක් ඇති රටවලද කොවිඩ්-19 රෝගීන් ඉහළ ගොස් ඇති බව ඔහු පැවසීය.
කොවිඩ්-19 පිළිබඳ WHO හි සතිපතා වාර්තාවට අනුව, නොවැම්බර් 1-7 සතිය තුළ, WHO යුරෝපීය කලාපය නව ආසාදිතයන් 1,949,419 වාර්තා කර ඇති අතර, එය සතියෙන් 7%ක වැඩිවීමකි. අනෙකුත් කලාපවල පහත වැටීම් හෝ ස්ථාවර ප්රවණතා වාර්තා විය. යුරෝපයේ නව මරණ 26,726ක අගය සතිපතා 10%ක වැඩිවීමක් නියෝජනය කරන අතර අනෙකුත් කලාපවල අඩුවීමේ ප්රවණතා පෙන්නුම් කරයි.
යුරෝපීය කලාපයේ රටවල් 61න් 26ක්ම පසුගිය සතියේ නව රෝගීන් සංඛ්‍යාවේ 10%ක් හෝ ඊට වඩා වැඩිවීමක් වාර්තා කර ඇති අතර, වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් පැමිණෙන්නේ රුසියාව, එක්සත් රාජධානිය සහ තුර්කියෙනි.
"සමහර යුරෝපීය රටවල් දැන් සම්ප්‍රේෂණය මැඬපැවැත්වීම සහ ඔවුන්ගේ සෞඛ්‍ය පද්ධතිය පීඩනය ඉවත් කිරීම සඳහා සීමාවන් නැවත හඳුන්වා දෙමින් සිටිනවා" ටෙඩ්රොස් වැඩිදුරටත් පැවසීය.
"පරීක්ෂා කිරීම, මුඛ ආවරණ භාවිතය, භෞතික දුරස්ථභාවය, ජනයා ඒකරාශී වීම වැළැක්වීමේ පියවර, වාතාශ්‍රය හොඳින් ලැබෙන තැන්වල සිටීම සහ තවත් බොහෝ දේ ගැලපෙන සහ සමාන ලෙස භාවිත කිරීම අප දිගටම නිර්දේශ කරනවා. ඒ වගේම ඔබේ වාරය පැමිණි විට එන්නත් ලබා ගන්න. සෑම රටක්ම නිරන්තරයෙන් එහි තත්ත්වය තක්සේරු කර ඒ අනුව එහි ප්‍රවේශය සකස් කළ යුතුයි." ඔහු සඳහන් කළේය.
එන්නත් තිබියදීත් යුරෝපයේ සිදුවෙමින් පවතින දෙය "ලෝකයට අනතුරු ඇඟවීමක්" බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්යක්ෂ වෛද්‍ය මයිකල් රයන් පැවසීය. "සම්ප්‍රේෂණ දාමයේ අවසාන පුද්ගලයා වීමට අපට කළ හැකි සෑම දෙයක්ම කිරීමට අප සැමටම නැවතත් දෙගුණයකින් කැපවිය යුතුයි."