යුරෝපය උණුසුම් වනවිට දේශගුණ සාකච්ඡා ඇරඹේ


12 වැනි පීටර්ස්බර්ග් දේශගුණික විපර්යාස සමුළුව බර්ලිනයේදී ආරම්භ වූ අතර, දේශගුණික ගැටලු පිළිබඳව අවධානය යොමු කිරීමේ වැදගත්කම නිලධාරීන් අවධාරණය කළේය.

එක්සත් රාජධානියේ උෂ්ණත්ව වාර්තා බිඳවැටීමට නියමිත අතර ස්පාඤ්ඤය, ප්‍රංශය සහ පෘතුගාලය පුරා ඇවිලෙන ලැව්ගිනි සමග යුරෝපයේ වැඩි කොටසක ප්‍රධාන තාප තරංගයක් යටතේ මෙම සමුළුව පැවැත්වීමද විශේෂත්වයකි.

සමුළුවට පෙර අදහස් දක්වමින් ජර්මානු විදේශ අමාත්‍ය ඇනලේනා බෙයර්බොක් පැවසුවේ දේශගුණික හදිසි අවස්ථාවන්ට මුහුණ දීම සඳහා රටවල් අඛණ්ඩව එක්ව කටයුතු කිරීම ඉතා වැදගත් බවයි.

"දේශගුණික අර්බුදය කිසිදු දේශසීමාවකින් නතර වන්නේ නැහැ. ඒ නිසා පිළිතුරු කිසිදු දේශසීමාවකින් නතර නොවිය යුතුයි" ඇය පැවසුවාය. "අපි අපගේ ඒකාබද්ධ උත්සාහයන් තීව්‍ර කළ යුතුයි."

ප්‍රධාන දේශනය පවත්වමින් ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් ෆොසිල ඉන්ධන භාවිතයට නැවත පැමිණීමට එරෙහිව අනතුරු ඇඟවීය.



Recommended Articles